සෙන්ට්‍රල් ෆිනෑන්ස් නව සභාපති ලෙස කුමාර් ජයසූරිය මහතා පත් කෙරේ

2017 ජූලි මස 14 දින සිට සෙන්ට්‍රල් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ සභාපති තනතුර සඳහා කුමාර් ජයසූරිය මහතා පත් කළ බව සමාගම නිවේදනය කර ඇත.

මෙතෙක් එහි සභාපති තනතුර හෙබවූ ජයම්පති බණ්ඩාරනායක මහතා වයස අවුරුදු 70 සපිරීමේ හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියමයන්ට අනුකූල ව විශ්‍රාම ගත් අතර, ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස කුමාර් ජයසූරිය මහතා පත් කරන ලදී.

2011 වසෙර් ජූලි 01 වන දින විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කෙරුණ කුමාර් ජයසූරිය මහතා, විගණන මණ්ඩල සහ සංගෘහිත අවදානම් කළමනාකරණ කමිටුවල සාමාජිකයන් ලෙස සේවය කර ඇත.

තව කියවන්න...

CF ප්‍රවර්ධන

අසිත තල්වත්ත සෙන්ට‍්‍රල් ෆිනෑන්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට එක්වෙයි



අසිත තල්වත්ත 2016 ජූනි 30 වැනිදා සිට කි‍්‍රයාත්මක වන පරිදි විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයකු ලෙස සෙන්ට‍්‍රල් ෆිනෑන්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කරනු ලැබ ඇත.මෙම පත්වීම කර ඇත්තේ ඒ. එන්. ප‍්‍රනාන්දු 70 විය සපිරීම හේතුවෙන් මූල්‍ය සමාගම්වල අධ්‍යක්ෂවරුන් සදහා වන, මහබැංකුවේ වර්ෂ 2008 අංක 3 දරන ආයතනික පාලන නියාමනයේ 5 (1) වගන්තිය ප‍්‍රකාර විශ‍්‍රාමයෑමෙන් ඇතිවන පුරප්පාඩුව සදහාය.මහජන බැංකුවේ සහ SME බැංකුවේ අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කර ඇති තල්වත්ත දැනට ලැයිස්තුගත සමාගම් කිහිපයක අධ්‍යක්ෂ මණ්ඩලවල ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙසද කටයුතු කරයි.

තව කියවන්න...

සෙන්ට්‍රල් ෆිනෑන්ස් "බිස්නස් ටුඩේ ටොප් 25" හි ඇගයීමට

eZ cash

අඛණ්ඩව 18 වැනි වරටත් පැවැති "බිස්නස් ටුඩේ ටොප් 25" 2014 - 2015 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ක්‍රියාකාරීත්වය පළ කළ පොදු සමාගම් ඇගයීමට ලක්කෙරිණි. ප්‍රධාන අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙම සුවිශේෂී සැඳෑවට සහභාගි විය.මේ වසරේදීද, සෙන්ට්‍රල් ෆිනෑන්ස් පී.එල්.සී විසින් 18 වැනි ස්ථානය හිමි කරගනු ලැබිණි. සමාගමේ අලෙවි සහ මෙහෙයුම් අධ්‍යක්ෂ රවී රඹුක්වැල්ල මහතා විසින් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමන් අතින් අදාළ සම්මානය ලබාගනු ලැබීය.

පුවත්ලිපිය

නවතම ප්‍රවෘත්ති සහ නිවේදන සඳහා

අදම ලියාපදිංචි වන්න.

CF ඇසිස්ට් ප‍්‍රමුඛතා සමාජය

වසර 18කට අධික සේවා විශේෂඥතාව සහිත

සෙන්ට‍්‍රල් ෆිනෑන්ස් වාහන සමූහ කළමනාකරණ සේවාව

Loyalty කාඩ්පත

හවුල් වෙළද ආයතන වලින් විශේෂිත ප්‍රතිලාභ ලබාදීම

සදහා අදම ලියාපදිංචි වන්න.

මුද්‍රිත ප්‍රවෘත්ති
මාධ්‍ය කවුලුව