ලුහුඬු විමසුම

1957 සිට මූල්‍යමය ගැටලූ උදෙසා ක්‍රියාශීලී සහ නවෝත්පාදක විසඳුම් සම්පාදනයේ යෙදෙන සෙන්ට්‍රල් ෆිනෑන්ස් පීඑල්සී සමාගම, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සේවා නිවහන ලෙස සැලකිය හැක. වත්කම් කල්බදු, කුලී කොන්ත්‍රාත්, සමූහ රථ කළමනාකරණය, රක්ෂණ තැරැව්කිරීම, ක්ෂුද්‍ර මූල්‍ය සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව ණය ඇතුළු විවිධාංගීකෘත සේවා සමූහයක් සමග පුළුල් වපසරියක ඉතුරුම් හා තැන්පතු නිපැයුම් රැසක් අපගේ ගනුදෙනුකරුවන් වෙත පිරිනමමින් ඔවුන්ගේ විවිධාකාර මූල්‍ය අවශ්‍යතාවන් හා අභිලාෂයන් ඉටු කිරීම සඳහා සහාය වීමට අපි කැප වී සිටින්නෙමු.

අප හා සබැඳී සිටින ප්‍රජාව මත සාර්ථකත්වය රැඳී ඇති සමාගමක් ලෙස ද, සමාගමේ සමාරම්භකයන් විසින් කාවැද්දූ අදහස් අනුව ද ගනුදෙනුකරුවන් කෙරෙන් පැනනගින උවමනාවන්ට සරිලන සේ සැලසුම් කළ මූල්‍ය සේවා නිපැයුම් නිරතුරු නිකුත් කරමින් නව්‍යකරණයේ වටිනාකම් නොපිරිහෙළා රඳවා තබාගැනීමට අපි නොකඩවා කටයුතු කරමින් සිටිමු. එමෙන්ම අපගේ අත්දැකීම්, නිපුණත්වය හා දීප ව්‍යාප්ත ශාඛා ජාලය මගින් සෑම සියලූ කල්හි ම අප ගනුදෙනුකරුවන් වෙත උත්කෘෂ්ට සේවාවන් සැපයීමේ හැකියාව අපට හිමි වී ඇත. විශිෂ්ටත්වයේ ධජය පෙරටු කරගත් අපේ අරමුණ වන්නේ, ඔබ ද දියුණුවෙන් දියුණුවට යමින් බොහෝ ඵල දරන පිනිස ඔබට මූල්‍ය විසඳුම් අවශ්‍ය ඕනෑම මොහොතක ඔබගේ උපකාරය සඳහා ඉදිරිපත් වීමයි.

Central Finance New Building

ප්‍රවෘත්ති සංග්‍රහය

සෙන්ට‍්‍රල් ෆිනෑන්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට නව පත්වීම්

සෙන්ට්‍රල් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ සාමාන්‍ ...

Read More

සෙන්ට‍්‍රල් ෆිනෑන්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට නව පත්වීම්

2020 ජුලි මස 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි සෙන්ට ...

Read More

සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම සිය 96 වැනි ශාඛාව වලස්මුල්ලේදි අභිමානයෙන් විවෘත කරන ලදි

සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම සිය 96 වැනි ශාඛාව 2019 ...

Read More

ප්‍රවර්ධන

අපගේ තැපැල් ලැයිස්තුවට ඇතුළත් වීම

Card image

සෙන්ට්‍රල් ෆිනෑන්ස් ඇසිස්ට් ප්‍රීමියම් ක්ලබ්

සෙන්ට්‍රල් ෆිනෑන්ස් රථ සමූහ කළමනාකරණ සේවාව වෙතින් වාහන හිමියන් සඳහා විශේෂ දීමනාවක්

වැඩිදුර කියවන්න

Card image

ජංගම දුරකථන යෙදුම

ඔබේ ගිණුම හා පහසුකම් පිළිබඳ තොරතුරු වෙත සුරක්ෂිතව හා පහසුවෙන් පිවිසීමට, ජංගම දුරකථන යෙදුම බාගත කරගන්න

වැඩිදුර කියවන්න

Card image

පුවත්පත් නිවේදන

සෙන්ට්‍රල් ෆිනෑන්ස් හි නවතම පුවත් හා නිවේදන

වැඩිදුර කියවන්න

Card image

මාධ්‍ය කේන්ද්‍රය

නිපැයුම් හා සේවාවන් පිළිබඳ තොරතුරු

වැඩිදුර කියවන්න

සහතිකය

  • මගේ මෝටර් රථයට ලීසිං ණය පහසුකම් ලබාගත්තේ මාතලේ සෙන්ට්‍රල් ෆිනෑන්ස් ශාඛාවෙන්. සෙන්ට්‍රල් ෆිනෑන්ස් නිසා මා ලැබූ අත්දැකීම සැබවින්ම ප්‍රශංසනීයයි. ඉක්මන් හා කරදර අඩුම ලීසිං පහසුකමක් සොයන ඕනෑම අයෙකුට මා උපදෙස් දෙන්නේ, සෙන්ට්‍රල් ෆිනෑන්ස් වෙතට යන ලෙසයි.
    ඊ. එල්. රත්නායක
    නෙස්ලේ හෙල්ත් සයන්ස්
  • මගේ ව්‍යාපාරය පුළුල් කිරීම හා දියුණු කිරීම සඳහා ව්‍යාපාරික ණයක් ලබාගැනීමට මට අවශ්‍ය වූ විට, මගේ මුදල් අවශ්‍යතාවන් හසුරුවාගැනීම කෙතරම් හොඳින් කළ හැකිද යන්න ගැන නිසි උපදෙස් සැපයීමට සෙන්ට්‍රල් ෆිනෑන්ස් ආයතනයට හැකි වුණා. ණය කටයුතු පිළිබඳ ව ඔවුන් සතු ප්‍රවීණත්වය, වෘත්තීය නිපුණත්වය හා විශිෂ්ට සේවාව කෙරෙහි මා ස්තුතිවන්ත වෙනවා.
    එම්. වාසල
    සීරොක් බුටික් හෝටලය
  • හොඳම පොලී අනුපාතයක් මත තී්‍රවීලයක් සඳහා ලීසිං ණය පහසුකමක් ලබාගැනීමට සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම මට කළ උපකාරය නිසා දැන් මගේ පවුලේ කටයුතු සඳහා සෑහෙන ස්ථීර ආදායමක් ලැඛෙනවා.
    ගුණවර්ධන
    කුලී ත්‍රීරෝද රථ හිමිකරු
  • වාහන සමූහ කළමනාකරණය පිළිබඳ සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගමේ නම්‍යශීලී කුලී පැකේජයන්, අති විශිෂ්ට සේවය හා නවීනතම තාක්ෂණය උපයෝගී කරගන්නා වාහන නඩත්තු කටයුතු නිසා මගේ කාර්ය මණ්ඩලයට කිසිම කරදරයක් නැතිව ගමනාගමනයේ යෙදීමේ පහසුවත්, හිතේ සැනසීමත් ලැබී තිඛෙනවා.
    එස්. පෙරේරා
    A සිට Z හෝල්ඩිංස් ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරි
  • සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගමේ ස්ථාවර තැන්පතු ගිණුමක් විවෘත කිරීම මගින්, මගේ දියනියගේ අධ්‍යාපනය වෙනුවෙන් ස්ථීර හා සුරක්ෂිත ලෙස මුදල් ඉතුරුකිරීමට මට හැකි වුණා.
    එස්. එම්. අමරසිංහ
    ජ්‍යෙෂ්ඨ මුදල් තැන්පත්කරු

සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම පිළිබඳ පූර්ණ විස්තරයක්

සෙන්ට්‍රල් ෆිනෑන්ස් පීඑල්සී සමාගම ශ්‍රී ලංකාව තුළ විවිධාකාර මූල්‍ය නිපැයුම් හා සේවාවන් පිරිනමයි. අංශ හතක් ඔස්සේ සමාගම ක්‍රියාත්මක වේ. එනම්, කල්බදු, කුලී සින්නක්කර හා වෙනත් අත්තිකාරම්, වෛද්‍ය සේවා, බලශක්ති උත්පාදනය, නිෂ්පාදනය, රක්ෂණ තැරැව්කිරීම, ආයෝජන සහ ඉඩකඩම්.මෙම අංශ මගින් කල්බදු පහසුකම් සැපයීම, ගෙවීමේ ක්‍රමයට භාණ්ඩ මිලදීගැනීම් සඳහා මූල්‍ය ප්‍රදානය, වාහන කුලියට දීම, තැන්පතු සංචලනය, වාහන වෙළෙඳාම, සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් සඳහා ණය ලබාදීම වැනි වෙනත් මූල්‍ය සේවාවන් සලසනු ලබයි. එසේම තැන්පතු හා ඉතුරුම් ගිණුම් ද, වාහන මිලදීගැනීම සඳහා ණය ලබාදීම ද, කාර්, බස්, ලොරි, ත්‍රිරෝද රථ, ජීප්, ට්‍රැක්ටර්, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ, සහ ඉදිකිරීම් යන්ත්‍ර සූත්‍ර සඳහා කල්බදු මූල්‍ය සේවාවන් ද සමාගම වෙතින් ලබාගත හැකිය.

Upcoming Vehicle Sale Events

Details to be published shortly!

සෙන්ට්‍රල් ෆිනෑන්ස් හි සංඛ්‍යාත්මක තොරතුරු

central-finance-counter-icon-accounts

100041

මුළු වත්කම් (මිලියන)

central-finance-counter-icon-customers

256823

පාරිභෝගිකයන්

central-finance-counter-icon-awards

103

ශාඛා

central-finance-counter-icon-years

65

ව්‍යාපාරයේ නියුතු වසර ගණන